Home අද ආණ්ඩුවේ තවත් තීන්දුවක් “රිවස්” මහජන විරෝධය හමුවේ දේශීය සිසුන්ට KDU දොර යළි ඇරේ.!

ආණ්ඩුවේ තවත් තීන්දුවක් “රිවස්” මහජන විරෝධය හමුවේ දේශීය සිසුන්ට KDU දොර යළි ඇරේ.!

119
0

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට බඳවා ගනු ලබන ශිෂ්‍යයන් ප්‍රමාණය වසරකට සිසුන් 150 දෙනෙකුට සීමා කළ යුතු බවට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම් අධීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ.

උපරිම වශයෙන් දේශීය සිවිල් සිසුන් 100 දෙනෙකු ඇතුළත් කර ගත යුතු බවද එම කමිටුව නිර්දේශකර ඇත.

ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශිකයන් සහ දේශීයයන් යන අනුපිළිවෙලින් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවද එම කමිටුව වැඩිදුරටත් සඳහන්කර තිබේ.

කෙසේවෙතත් පසුගිය දිනවල වත්මන් ආණ්ඩුව විසින් ඉතාම අමනෝඥ අන්දමින් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන ලදී.

ඒ සම්බන්ධව සමාජය තුළ විරෝධයක් පළවූ අතර එහිදී පෞද්ගලික අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඉහලට ගිය අගමැති හරිනි අමරසූරියව පවා විවේචනය කෙරිණ.

පහත දැක්වෙනුයේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට ලබාදුන් කමිටුවේ නිර්දේශය.

 

Previous articleගබඩාවල මෙට්‍රික්ටොන් 85,000 හාල් තිබියදී සහල් මාෆියාවට හොද පාඩමක් උගන්වන්න වසන්ත ඉන්දියාවෙන් හාල් ගෙන්වයි!
Next articleසාෆි part 2 ? : “මා මරණ තර්ජන කළේ නෑ” – විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණියගෙන් පැමිණිල්ලක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here