Home අද දළ ඇතෙක් මරණ මංචකයේ : ආණ්ඩුවට හදවතක් නැද්ද?

දළ ඇතෙක් මරණ මංචකයේ : ආණ්ඩුවට හදවතක් නැද්ද?

514
0

මෙරට වනජීවීන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල නිද්‍රාශීලී භාවය සහ උදාසීනත්වය නැවත වරක් ප්‍රශ්න කරමින්, “භාතිය” නමැති දළ ඇතාගේ ජීවිතය බරපතළ අනතුරක පවතින බවට සමාජය තුළ සැලකිය යුතු කතිකාවක් සහ විවේචනයක් මතුව තිබේ.

දේශපාලන අරමුණු සහ නිලධාරීවාදී උදාසීනත්වය හේතුවෙන් සතුන්ගේ ජීවිත අනතුරේ හෙළෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් ඇත.

Seriously leg injured majestic tusker / treatment injured wild elephant / Tusker Bathiya #bathiya - YouTube

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මිහිඳු ෆොන්සේකා,

“භාතිය politically use උනේ නෑ තාම. හෙට අනිද්දට ඒකත් උනාම ඔය ඉන්න පරිසර උපදේශකයන්ට කරන් ආපු වැඩේ කරන් යන්න තවත් ලේසි වෙයි. එතකොට හදිසියේ හරි අනුරයියා මීටින් එකක් තියලා ඇහුවම කියන්ඩ පුලුවන් ‘හානේ බුදු සෑර්, අපි ලස්සනට වතුර වලේ තියන් භාතියව පරෙස්සම් කරා. කොහිද මේ විපක්ෂයේ මඩ ගැහිල්ලට අපිට ඒකත් හරියට කොර ගන්ඩ බැරි උනානෙ’ කියලා,” යනුවෙන් උපහාසාත්මකව සඳහන් කර තිබේ.

May be an image of 2 people and elephant

එසේම ශෂිකලන රත්වත්ත සිය ෆේස්බුක් සටහනකින් පියාසිරිව අදහස් දක්වමින් පවසා ඇත්තේ, “වෙන්න තියෙන ඔක්කොම උනාට පස්සේ ජයකොඩිලා, පටබැඳිලා ගිහිං උපදෙස් දීලා වැඩක් නෑ. මේ තරමට අමාරු වෙන්න කලින් තමයි මිනිස්සු මේවට උදව් ඉල්ලුවෙ. අලි අයිති රටේ මිනිස්සුන්ට. ඒ අයිතිය වෙනුවෙන් නීත්‍යනුකූල භාරකාරත්වය තියෙන්නෙ රජයේ දෙපාර්තමේන්තුවට. ඒ දෙපාර්තමේන්තුව, ඇමතිලා පඩි ගන්නෙ මේක රකින්න. ඒක රකිනවට තමයි මිනිස්සු බදු ගෙවල පඩි දෙන්නෙ,” යනුවෙනි.

මේ ආකාරයට සමාජ මාධ්‍ය සහ සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් සිය දැනුම අනුව පාරිසරික ගැටලු සම්බන්ධයෙන් කරුණු දක්වන විට, අදාළ බලධාරීන්ගේ පසුපස වඳින බවට චෝදනා ලබන ඇතැම් පිරිස් ඔවුන්ට සිනාසෙන බවටද ශෂිකලන රත්වත්ත චෝදනා කරයි.

විඩියෝව නැරඹිමට

“එහෙම හිනා උනාම එයාලට බෙනිෆිට් තියෙනව කියල අපි දන්නව. එයාලට කියන්න තියෙන්නෙ, හිනාවෙන්න අවුලක් නෑ. ඔයාලා මැරෙනකම්ම කරල තියෙන්නෙ ෆීල්ඩ් එකේම කොල්ලන්ට වල කපපු එකයි, හිනාවෙන එකයි විතරයි,” ඔහු පවසා ඇත.

පරිසර ප්‍රශ්නවලට පෙනී සිටිය යුත්තේ තමන් පමණක් බවත්, විසඳුම් ඇත්තේ තමන් ළඟ පමණක් බවත් සිතාගෙන සිටින පිරිස්, තරුණයින් කැමරා රැගෙන ඡායාරූප ගැනීම සහ තොරතුරු ලිවීම සම්බන්ධයෙන් අපහසුතාවයට පත්ව සිටින බවද ෂශිකලන පෙන්වා දෙයි.

විඩියෝව නැරඹිමට

“පිස්සු නට නට හිටපු, අලි ගහන ගම් වල කොල්ලෝ අලි පස්සෙ යන එකම, ඇත්තු හොයාගෙන නම් දාන එකම මට නං සෑහෙන්ඩ දෙයක්. පුලුවන් නං කරන්න ඕනි ඒ කොල්ලන්ව ස්වෙච්චා වැඩ වලට සම්බන්ධ කරගෙන උන්ව ට්‍රේනිං කරන එක,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර වනජීවී සංරක්ෂණය පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව වගකිවයුතු අමාත්‍යංශයක තනතුරු දරමින්, තමන්ට කළ නොහැකි වගකීම් තමන්ගේ කරපිට පබාගෙන සිටීම සම්බන්ධයෙන් මිහිඳු ෆොන්සේකා වනජීවී අමාත්‍යවරයාට සහ උපදේශකවරුන්ට දැඩිව චෝදනා කරයි.

ඔහු පවසා ඇත්තේ, “නිසි සංරක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කරලා බේරගන්ඩ තිබ්බ ඇතෙක් වතුර වලක දගලන අයුරු නැරඹීමට පැමිණි ශ්‍රීලංකා වනජීවී අමාත්‍යංශය බාර ගරු ඇමතිතුමන් සහ ගරු උපදේශකයනි, දැන්වත් ඔය ඇමතිකමයි, උපදේශකකමුයි ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති උන්ට දීලා දෙයියනේ කියලා වෙන ඇමතිකමක් අරන් කරගෙන යන්ඩ. අපිට කමක් නෑ,” යනුවෙනි.

භාතිය ඇතා තවමත් ජීවිතය ඉල්ලා වට්ටක්කා කැබැල්ලක් හෝ බඩ ඉරිඟු කරලක් කටට දාගනිමින් සිටින බවත්, සතා වෙනුවෙන් කළ යුතු දෑ තිබියදීත් ඖෂධ පමණක් ලබා දී වෙනත් කිසිදු උත්සාහයක් නොගත් සියලු දෙනාටම මේ ආත්මයට පමණක් නොව ආත්ම ගණනකට පව් පිරී අවසන් වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. “භාතිය විඳපු වේදනාවට ඔවුන් කිසිම කෙනෙකුට සමාවක් නම් නොලැබෙයි,” ඔහු පවසයි.

කෙසේවෙතත් ෂශිකලන රත්වත්ත පවසන්නේ, වනජීවී දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන් හෝ පශු වෛද්‍යවරුන් සමඟ සිවිල් සමාජයට ගැටලුවක් නොමැති බවත්, ගැටලුව ඇත්තේ පරිපාලනයේ තීරණ සමඟ බවත් ය.

“අලියෙක් වැටුණම ‘අඥේ අපිට අරක ඥෑ… මේක ඥෑ…’ කියලා හැමදාම නාහෙං අඬන්නැතුව තියෙන අඩුපාඩු කිව්ව නං ඔය ඕනේ දේවල් ඔක්කොම කොහොම හරි අරගෙන දෙනවා,” ඔහු පවසයි.

විඩියෝව නැරඹිමට

එමෙන්ම , අඩුපාඩු සම්බන්ධයෙන් “ඥෑ.. ඥෑ..” යැයි පවසමින් නොසිට, දැන්වත් මේ තත්ත්වය නිවැරදිව පටන් ගන්නා ලෙස ඔහු අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු පිරිස්වලින් ඉල්ලා සිටී.

අදාළ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට ද ඔහු පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, “උද්ධච්චකම, මහන්තත්තකම නැති කරගෙන මහ පොළවට එන්න. රටට ඇත්ත කියන්න. මිනිස්සු එතකොට ඔයාලත් එක්ක එකට හිටගනීවි. දෙපැත්තට කඹ ඇද්ද කියලා දිනන එකෙක් නෑ. අලි ටික මැරෙනව මිසක්,” යනුවෙනි.

මේ අතර, මිහිඳු ෆොන්සේකා සිය සටහනේදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ භාතිය ඇතා මඩ වළෙන් එළියට ගැනීමට කටයුතු කරන ලෙසයි. “දැන්වත් අද ජනාධිපතිට කියලා ඔය අමාත්‍යංශය ජනාධිපතිට පවරගන්න කියලා ගුවන් හමුදා පශුවෛද්‍යවරුන් දාලා එහෙම නැතිනම් ත්‍රිවිධ හමුදාවම දාලා අට්ටලායක් ගහලා ඔය මඩ වලෙන් එලියට අරන් සතාගේ ලෙඩේ හරියට අඳුරගෙන නිසි බේතක් හේතක් කරපල්ලා,” ඔහු ඉල්ලා සිටියි. භාතිය දැනටමත් දෙවරක්, තෙවරක් නැගිට නැවත වැටී ඇති බවත්, නැවත වැටුණහොත් එය සදහටම අවසන් ගමන වනු ඇති බවත් ඔහු අනතුරු අඟවා ඇත.

මේ තත්ත්වය හමුවේ, වනජීවීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට වහාම නිසි පියවර ගන්නා ලෙසත්, නිලධාරීවාදී උදාසීනත්වය සහ දේශපාලන මැදිහත්වීම් නවත්වන ලෙසත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් , සිවිල් සමාජය සහ මහජනතාව බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

භාතිය වැනි අහිංසක සතුන්ගේ ජීවිත අහිමි වීමට පෙර බලධාරීන්ගේ හදවත් අවදි වේ දැයි ඔවුන් විමසිල්ලෙන් බලා සිටියි.

ඡායාරූපය : pathums wild Facebook  පිටුවෙන්

Previous articleලංගම සභාපති කසිප්පු ගුණේට ඇඳලා : සේවකයන්ට ගහලා දොට්ට දාන්න උපදෙස් !
Next article225 හොරු කිව්වා – දැන් වෛද්‍යවරුන් හොරුලු – ඊළඟට නීතිඥයන් : ආණ්ඩුවේ මර්දන ලැයිස්තුව මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here