Site icon Newshub

ගරු කථානායක ජගත් රාජ්‍ය දේපොළ අවභාවිතා කරන බවට අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපොළ අවභාවිත කරන බව පෙන්වා දෙමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කථානායකවරයා තම නිල වාහන දෙකට අමතරව තවත් වාහනයක් ලබාගෙන එය පෞද්ගලික ලේකම්වරයෙකු වෙත වෙන්කර දී ඇති බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් කරුණු පෙන්වා දී තිබේ.

මීට අමතරව සිය නිල රථ සඳහා පාර්ලිමේන්තු මහලේකම් මහලේකම් වගේ අවසරය මත ඉන්ධන ලීටර් 900ක්
ලබා ගන්නා බවත් කථානායකවරයාට වෙන්කර තිබෙන නිල නිවසට අමතරව ඔහු කොළඹ ලොරිස් මහල් නිවාස සංකීර්ණයෙන් තවත් නිල නිවසක් වෙන්කර ගෙන ඇති බවත් සුගීශ්වර මහතා පෙන්වා දෙයි.

මේ ආකාරයට කතානායකවරයා රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම පිළිබඳව අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස
ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Exit mobile version