දුම්රිය සංඥා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මහා දුම්රිය අනතුරක් ළඟදීම සිදුවිය හැකි බවට දුම්රිය වෘත්තිය සමිති අනතුරු අඟවයි.
දැනට දුම්රිය සංඥාවල ඇතිව තිබෙන දෝෂ නිවැරදි කිරීමට බලධාරීන් විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව වෘත්තීය සංගම් පවසයි.
හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය අද (04) රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පාලන සංඥා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුවීමට ගිය අනතුර දැඩි පරිශ්‍රමයක් යොදා වළක්වා ගත් බව දුම්රිය නියාමක සංගමය සඳහන් කළේය.
පාලක සංඥාවල ඇතිවී තිබෙන දෝෂ සම්බන්ධව බලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් ඒවා නිවැරදි කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බව වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති.
පාලක සංඥාවල හටගෙන ඇති දෝෂ සම්බන්ධව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රධාන නියාමක
යු.එච්. ආරියරත්න මහතා.
” රාගම දුම්රිය ස්ථානයේ ඇතුල්වීමේ සංඥා අංක 98 පාලක සංඥා දීලා තිබුණා. මගේ තිරිංග මැදිරිය පසු කරනවාත් සමඟ ඒ සංඥා නිවෙන්න ඕන. ඒත් නිවුණේ නෑ ඒ අවස්ථාවේ මම දුම්රිය නවත්වලා පොඩ්ඩක් පස්සට ගොස් බලන විට සංඥා පත්තු වෙලා තිබුණා ඊට පසු මම අදාළ අංශ දැනුවත් කලා තවත් දුම්රියක් ධාවනය වුණානම් මහා විනාශයක් අද සිදුවෙනවා අනූ නමයෙන් ඒ තත්ත්වය වැළකුණා “