Home අද සංචාරකයන් ඇවිත් සීගිරියේ ගල් පඩි ගෙවිලා – ඇමති සුනිල් සෙනෙවි

සංචාරකයන් ඇවිත් සීගිරියේ ගල් පඩි ගෙවිලා – ඇමති සුනිල් සෙනෙවි

376
0

සීගිරිය ගල් පඩිපෙළ වේගයෙන් ගෙවෙමින් ඇති බවත් ඊට හේතුව සංචාරකයන් විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණීම බවත් බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.

එබැවින් එම ගල් පඩිපෙළ තව කොපමණ කාලයක් භාවිත කළ හැකි දැයි කාල නිර්ණය කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

හිනිඳුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදීය.

එසේම සීගිරියේ ගල් පඩි ඉවත්කර ඒ වෙනුවට ග්‍රැනයිට් පඩිපෙළක් යෙදීම හෝ ගල් පඩිවලට ඉහළින් යකඩ පඩි පෙළක් යෙදීම සම්බන්ධව අවධානය යොමුවී ඇති බවද ඔහු පැවසීය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට හැටක් පමණ සීගිරිය නැරඹීමට පැමිණෙන බවත්, ලබන වසරේදී පමණක් සීගිරියට සංචාරකයන් ලක්ෂ 18ක් පමණ පැමිණෙතැයි බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Previous articleපාර්ලිමේන්තුවට වත්කම් බැරකම් බාර නොදුන් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය මාලිමාවේ
Next articleදුම්රිය ගමන් අවධානම් – මහා අනතුරක් ළඟදීම – වෘත්තීය සමිති අනතුරු අඟවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here