ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව වන වැඩසටහනේ දී ශ්‍රී ලංකාව අතින් සිදු වූ බැඳීම් කඩකිරීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සපයා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ සහ වැඩ බලන සභාපති කේන්ජි ඔකමුරා මහතා ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර මූලය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවකින් අනතුරුව මේ බව පවසා තිබෙන ඒ මහතා මෙම නිරවද්‍ය නොවන තොරතුරු ලබා දීම ශ්‍රී ලංකා බලධාරීන් විසින් චේතනාන්විතව සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් නොගැනීමට තීරණය කර ඇති බවත් පවසා තිබේ.
” විස්තීරණ අරමුදල් පහසුකම යටතේ 2023 වසරේ දී ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති විස්ථීරණ විධිවිධානවලට අනුකූල නොවන මිලදී ගැනීම් මෙන්ම. Vlll වගන්තියේ 5 වැනි උප වගනිත්ය යටතේ සිදුවූ බැඳීම් කඩකිරීමක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරනලදී.
විස්ථීරණ අරමුදල් පහසුකම යටතේ පළමු දෙවන හා තෙවන සමාලෝචන වලදී හිඟ වියදම් පිළිබඳව බලධාරීන් විසින් ලබාදෙන ලද නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අනුකූල නොවන මිලදී ගැනීම් සිදුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබාදීම චේතනාන්විතව සිදුවී නොමැති අතර රේඛීය අමාත්‍යංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තා කිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ හිග මුදල් යන්නෙහි අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිදුවීම මේ සඳහා හේතු විය ” ඔකමුරා මහත්තාගේ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.