Home අද කලිසම අස්සේ පිඹුරන් සඟවාගෙන සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට

කලිසම අස්සේ පිඹුරන් සඟවාගෙන සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට

249
0

තායිලන්තයේ බැංකොක් සුවර්ණභූමි ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයෙකු සිය යට ඇඳුමේ සඟවාගෙන සිටි පිඹුරන් තිදෙනෙකු සමඟ වනජීවී ජාවාරම් චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊට අනුව වනජීවී අපරාධ බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Polavee Buchakiat පවසා ඇති ආකරයට ශිහාන් නම් ලාංකික සැකකරුවා පසුගිය 01 වනදා තායි එයාර්වේස් TG308 ගුවන් යානයෙන් රාත්‍රී 12.06 ට බැංකොක් වෙත පැමිණෙන බවට නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.

සැකකරු සම්බන්ධව මීට පෙරද වනජීවී විශේෂ ජාවාරම් කිරීමේ වාර්තාවක් ඇති බවත් ඒ අනුව 2024 වසරේදී කොළඹදී ද අත්අඩංගුවට ගෙන ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

ඒ සමඟ වනජීවී අපරාධ බුද්ධි තොරතුරු මධ්‍යස්ථානය, ජාතික වනෝද්‍යාන, වනජීවී සහ ශාක සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජකීය තායි පොලිස් කාර්යාලය සහ තායිලන්ත ගුවන් තොටුපළ (AoT) වැනි බහුවිධ ආයතන ඇතුළත් තායිලන්ත වනජීවී බලාත්මක කිරීමේ ජාලය (Thailand WEN) සමඟ සම්බන්ධීකරණය කර, මෙම සැක කටයුතු වනජීවී ජාවාරම්කරුගේ චලනයන් නිරීක්ෂණය කර ඇත.

එහිදී සැකකරු ජූලි 2 සිය නවාතැනේ සිට කුලී රථයකින් පිටත්වී ප.ව. 7 ට පමණ සුවර්ණභූමි ගුවන් තොටුපළට පැමිණ ඇති අතර ඔහුගේ ගමන් මළු තායි එයාර්වේස් කවුන්ටරයේදී මූලික පරීක්‍ෂා සිදුකර X-ray උපකරණ භාවිතයෙන් වැඩිදුර පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත.

එහිදී කිසිදු නීතිවිරෝධී භාණ්ඩයක් හමු වී නැහැ.

අනතුරුව නිලධාරීන් ශරීර පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ බෝල පිඹුරන් තිදෙනෙකු (Python regius) සොයාගෙන තිබේ.

මෙම සතුන් CITES උපග්‍රන්ථය II යටතේ වර්ගීකරණය කර ඇති අතර, ඒවා අපනයනය කිරීමට සහ ආනයනය කිරීමට බලපත්‍ර අවශ්‍ය ය.

එබැවින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් තිබෙන බවද එම වාර්තා සඳහන් කරයි.

Previous articleස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ ඇප ඉල්ලීම සලකා බැලීම ජූලි 8 !
Next articleකහවත්තේ විමර්ශන ගැන පොලිසිය කරුණු පහදයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here