කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය නිල නිවාසය විවිධ අවස්ථා සඳහා භාවිත කරමින් සිටියදී කොළඹ ලෝරිස් මහල් නිවාස සංකීර්ණයෙන් ද නිවසක් වෙන්කර ගෙන ඇති බව නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර චෝදනා කරයි.
ඒ අනුව එකවිට නිල නිවාස 2ක් භාවිතා කිරීම රාජ්‍ය දේපොළ අවභාවිතයක්, අපහරණයක් මෙන්ම 2023 දූෂණ විරෝධි පනත යටතේ ගැනෙන දූෂණයක් බවද ඒ මහතා සඳහන් කළේය.
නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්ව්මින් මේ කරුණු අනාවරණය කළ අතර, 2025 ජනවාරි මාසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙතින් ලෝරිස් මහල් නිවාස සංකීර්ණයේ 1/8 දරුන නිවස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් වෙන්කරවාගෙන ඇති බවද පැවසීය.
එසේම ජාතික ජනබලවේගය පක්ෂය තමන් කාර්‍ය මණ්ඩල, නිල වාහන , ඉන්ධන දීමනා නොගන්නා බව පැවසූ බව සිහිපත් කළ සුගීෂ්වර බණ්ඩාර මේ වන විට තත්ත්වය වෙනස් වී ඇති බවද සඳහන් කළේය.
ඒ අනුව කතානායක නිල වාහන 2 ක් පාර්ලිමේන්තුවෙන් වෙන්කරගෙන ඇති බවත් ඒ සඳහා ඉන්ධන ලීටර් 900ක් වෙන්කරන බවත් ඔහු පැවසීය.
එසේම කතානායක කාර්‍ය මණ්ඩලය 15ක් බවත් එයින් 1-4 කාර්‍ය මණ්ඩලය වන පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම් , මාධ්‍ය ලේකම්, සම්බන්ධීකරණ නිලධාරී සඳහා වාහන මෙන්ම ඉන්ධන වෙන් කරවාගෙන ඇති බවද සඳහන් කළේය.