Home අද ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ ඇප ඉල්ලීම සලකා බැලීම ජූලි...

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ ඇප ඉල්ලීම සලකා බැලීම ජූලි 8 !

61
0

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට නියමකර ඇත.

වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් අද (04) මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව කරුණු දැක්විය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කළේය

කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසය.

Previous articleදුම්රිය ගමන් අවධානම් – මහා අනතුරක් ළඟදීම – වෘත්තීය සමිති අනතුරු අඟවයි
Next articleකලිසම අස්සේ පිඹුරන් සඟවාගෙන සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here