Home අද වියට්නාමය ට්‍රම්ප්ගෙන් tariff සහනය ගනියි : එතකොට අනිල් ජයන්ත රටට කිව්වේ බොරුද...

වියට්නාමය ට්‍රම්ප්ගෙන් tariff සහනය ගනියි : එතකොට අනිල් ජයන්ත රටට කිව්වේ බොරුද ?

341
0

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වියට්නාමය සමඟ නව වෙළඳ ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිවිසුම 2025 ජූලි 2 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණ අතර එය ට්‍රම්ප් පරිපාලනයේ “ඇමරිකාව මුලින්ම” යන ආර්ථික ප්‍රතිපත්තියේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකෙයි.

මෙම ගිවිසුමට අනුව, වියට්නාමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 20%ක තීරුබදු පැනවෙයි.

මීට අමතරව, තුන්වන රටවලින් (විශේෂයෙන් චීනයෙන්) පැමිණ වියට්නාමය හරහා එක්සත් ජනපදයට “transshipping” කරන භාණ්ඩ සඳහා 40%ක ඉහළ තීරුබදු අය කිරීමට නියමිතය. , එක්සත් ජනපදයේ තීරුබදු මඟහැරීමට දරන උත්සාහයන් වැළැක්වීම මෙහි අරමුණ වී ඇති බවද සඳහන් ය.

මේ සමඟ, වියට්නාමය එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු (ZERO Tariff) පැනවීමටත්, තම වෙළඳපොළට එක්සත් ජනපදයට සම්පූර්ණ ප්‍රවේශය (TOTAL ACCESS) ලබා දීමටත් එකඟ වී තිබෙන බවද මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

ජනාධිපති ට්‍රම්ප් වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ටෝ ලාම් (To Lam) සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මෙම ගිවිසුම නිවේදනය කර ඇත.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම ගිවිසුම එක්සත් ජනපදයට තමන්ගේ වෙළඳ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමටත්, අසාධාරණ වෙළඳ පිළිවෙත් පාලනය කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහය පැහැදිලිව පෙන්නුම් කරන බවයි.

2025 අප්‍රේල් 09 සිට ට්‍රම්ප් පාලනය ලොව පුරා රටවල් රැසකට දින 90ක තාවකාලික තීරුබදු අත්හිටුවීමක් ලබා දී ඇත.

ඉතිරිව තිබෙන මෙම සීමිත කාලය තුළ කිසියම් හෝ සහනයක් ලබාගැනීමේ අපේක්ෂාව ඇතිව රටවල් කිහිපයක් ට්‍රම්ප් පාලනය සමඟ සාකච්ජා පවත්වමින් සිටියි.

කෙසේවෙතත් ඉහත වියට්නාම ගිවිසුම සම්බන්ධව ප්‍රසිද්ධියට පත්වීමට පෙර ශ්‍රීලංකාවේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වන අනිල් ජයන්ත පවසා සිටියේ ලංකාව හැර වෙනත් කිසිඳු ආසියානු රටක් තීරුබදු සහනය සම්බන්ධව ඇමරිකාව සමඟ සාකච්ඡා නොපවත්වන බවයි.

Previous articleAliExpress ලංකාවට භාණ්ඩ ප්‍රවාහනය අත්හිටුවයි : පාරිභෝගිකයින් අපහසුතාවයේ !
Next articleමහා රේගු වංචාව : වරාය නියෝජ්‍ය ඇමති රුවන්ට එරෙහිව CID යට පැමිණිල්ලක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here