Home තාක්ෂණික ස්තූතියි රනිල්.! ලංකාවේ අපිටත් ස්ටාර්ලින්ක් – ඊලෝන් මස්ක් නිල වශයෙන් නිවේදනය කරයි

ස්තූතියි රනිල්.! ලංකාවේ අපිටත් ස්ටාර්ලින්ක් – ඊලෝන් මස්ක් නිල වශයෙන් නිවේදනය කරයි

1757
0

අධි වේගවත් Starlink ඉන්ටර්නෙට් සේවාව ශ්‍රී ලංකාට ලබා දී ඇති බව ඊලෝන් මස්ක් නිවේදනය කර තිබේ.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

No description available.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටියදී ඊලෝන් මස්ක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී හමුවූ අවස්ථාවක Starlink ඉන්ටර්නෙට් පහසුකම ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් පරිදි මෙලෙස එම පහසුකම හිමිව ඇති අතර ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ කට්ටල් 112ක් ද මෙරටට ගෙන්වා ඇති අතර ඒවායෙන් කට්ටල් 12ක් මේ වනවිට සිය සේවා ලාභීන් වෙත ලබා දී තිබේ.

ඒ අනුව, මෙරට තම සේවා කටයුතු ආරම්භ කරන බව Starlink සමාගම ප්‍රකාශ කර ඇත.

සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 අගෝස්තු 14 වනදා කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා හා ලෝකයේ ඕනැම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට මෙමගින් හැකියාව හිමිවනු ඇති බව වාර්තා වේ.

Previous articleයෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට කොළඹ මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා භාර දෙයි.
Next articleජනාධිපති සමාවෙන් නිදහස් වූ සිරකරු මාලිමා ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ හිටපු ලේකම්වරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here