දුරකථන ඇමතුමක් ලීක් වීම හේතුවෙන් තායිලන්ත අගමැති පේටොන්ටාර්න් ෂිනවස්ත්‍රාගේ සේවය අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වර්තා කරයි.
කාම්බෝජියාවේ හිටපු නායකයා සමඟ ඇය දුරකථනයෙන් සම්බන්ධ වී තායිලන්තයේ හමුදා අණ දෙන නිලධාරියෙක්ව විවේචනය කිරීමට අදාළ හඬ පටයක් ලීක් වීම හේතුවෙන් ඇගේ වැඩ තහනම් කර ඇත.
වැඩ තහනමට ලක්වූ අගමැතිනිය සේවයෙන් පහ කිරීම සඳහා තායිලන්ත අධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත්ව ඇති බවත් එම පෙත්සම මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ඇයගෙන් පුරප්පාඩු වූ අගමැති ධූරය සඳහා සූරිය ජුන්ග් රුන්ග්කිට් පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තායිලන්තය සහ කාම්බෝජය අතර මතගැටුම් පසුගිය කාලය තුළ වර්ධනය වෙමින් පැවතිි අතර ෂිනවස්ත්‍රා එරට ලාබාලම අගමැතිවරියයි