Home අද ආණ්ඩුව සඟවපු – මුජිබර් සභාගත කළ : කුප්‍රකට බහාලුම් වංචාවේ සම්පූර්ණ...

ආණ්ඩුව සඟවපු – මුජිබර් සභාගත කළ : කුප්‍රකට බහාලුම් වංචාවේ සම්පූර්ණ කමිටු වාර්තාව මෙන්න !

458
0

කිසිඳු රේගු පරීක්ෂාවක් සිදු නොකර බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව අද (30) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ආණ්ඩුව විසින් මෙම කමිටු වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබා ගත් බවත්, තමන් මෙම වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සභාගත කරන බවත්ය.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් A.K. සෙනවිරත්න ගේ සභාපතිත්වයෙන් යුතු මෙම
වාර්තාවෙන් හෙළි වූ කරුණු:

මෙම කමිටු වාර්තාවෙන් හෙළි වී ඇත්තේ, අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු “රතු ලේබලය” යටතේ වූ බහාලුම් 151 න්, බහාලුම් 37ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇති බවයි.

ඒ සම්බන්ධව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම “රතු ලේබලය” යටතේ වූ බහාලුම් නිදහස් කිරීමේදී ස්කෑන් පරීක්ෂාවක් සිදු කළ යුතු වුවද, ස්කෑන් පරීක්ෂාවන් සිදු කරන නිලධාරීන් අදාළ බහාලුම් 37 ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු බවට ලිඛිත සටහනක් යොදා තිබුණද, කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර අදාළ බහාලුම් නිදහස් කර ඇති බව මෙම කමිටු වාර්තාවෙන් තහවුරු වී ඇති බවය.

තවද, ස්කෑන් කළ යුතු කහ බහාලුම් 103ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර නිදහස් කර ඇති බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

බහාලුම් නිදහස් කිරීමට තීරණය කරන ලද්දේ පසුගිය ජනවාරි 18 වන දින වුවද, එම තීරණය ගැනීමට පෙර දිනය වූ ජනවාරි 17 වන දින බහාලුම් 02ක් ද නිදහස් කර ඇති බවද මෙහිදී හෙළි විය.

එසේම  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා සභාගත කළ වාර්තාව අනුව රතු වර්ගීකරණය යෙදූ බහාලුම් 1150ක් අවස්ථා 14 කදී කිසිඳු භෞතික පරීක්‍ෂාවකින් තොරව නිදහස් කර ඇති බවද නිරීක්ෂණය කර ඇත. ඒ සම්බන්ධව පසු විගණනයක් හෝ රේගු නිවාරණ අංශ විමර්ශනයක් සිදුකර නොමැති බැවින් මේ හරහා රටේ ආරක්‍ෂාව , සෞඛ්‍ය සම්බන්ධව හෝ රාජ්‍ය ආදායමට සිදුවූ බලපෑම ගැනද නිශ්චිතව මතයක් පලකළ නොහැකි බවද සඳහන් කර ඇත.

එසේම  රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු වගකිවයුතු නිලධාරීන් සිය සීමාව ඉක්මවා කටයුතු කර ඇති ආකරය, මූලික රේගු මුලධර්ම පවා උල්ලංඝනය කර ඇති බව, අභ්‍යන්තර කමිටු අවම නිලධාරී සහභාගීවයක් නොමැතිව ඉතා සැක උපදවන ආකරයට ක්‍රියාකර ඇති බව ඇතුලු මෙකී බහාලුම් නිදහස් කිරීම ආශ්‍රිතව ඇති බරපතල සැකසංකා උපදවන කරුණු රැසක් මෙහිදි අනාවරණය කර තිබේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා සඳහන් කර සිටියේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු ජනාධිපති, රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වූයේ එවකට මහ බැංකුව ඔහු යටතේ තිබූ නිසා බවත් ඒ අනුව ජනාධිපති අනුර කුමර දිසානයක යටතේ මේ මොහොතේ ශ්‍රීලංකා රේගුව ඇති බැවින් ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව පත්කළ ඉහල පෙළේ කමිටුව ද එහි දූෂණයක් සිදුව ඇති බව සඳහන් කර තිබෙන බැවින් මෙවර චෝදනාවෙන් ගැලවීමක් අනුර කුමාර දිසානයක ජනාධිපතිටද නොහැකි බවයි.

එසේම  මෙම ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධව තොරතුරු ඉල්ලා සිටින විට, එය විධිමත්ව සිදුවූ බව කියමින්, එහෙත් එහි තොරතුරු නොදෙමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හැසිරුණු ආකාරය ඉතා සැකසහිත බවත්, එවකට ගෝඨාභය පාලනය තමන්ට මැතිවරණ සඳහා වියදම් කළ ව්‍යපාරිකයන්ට බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම් අහිමි කළා සේ වත්මන් ආණ්ඩුව ද රේගු ආදායම් අහිමි කිරීමක් සිදුකර ඇති බවට පැහැදිලි සැකසංකා උපදවන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .

තවද මේ සම්බන්ධව පැමිණිලි ලැබී තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව හෝ අදාළ අනෙක් ආයතන වෙනත් පැමිණිලි සම්බන්ධව ක්‍රියාත්මක වන කඩිනම් බවක් මෙකී බහාලුම් සම්බන්ධව ක්‍රියාත්මක නොවී සිටීමද මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කළ අදාළ වාර්තාව පහත දැක්වෙයි

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

 

Previous articleවිදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට
Next articleමාලිමාව ආණ්ඩුවට අල්ලස් චෝදනා එල්ල කළ කසුන් : සාරංගිකා ඉදිරියේම මතුගම සභාපති වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here