Home අද ලෝක ආර්ථික සමුළුව ඇමතීමට තරම් හඳුන් පරිණත නෑ : යවන්න තිබුණේ ලක්මාලි...

ලෝක ආර්ථික සමුළුව ඇමතීමට තරම් හඳුන් පරිණත නෑ : යවන්න තිබුණේ ලක්මාලි – නිර්මාල් තැවෙයි !

467
0

ලෝක ආර්ථික සමුළුව ( Global Economic Forum) වැනි ජාත්‍යන්තර සමුළුවක් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඉංග්‍රීසි භාෂාවෙන් ඇමතීමට යාම නියත වශයෙන්ම විශාල අකරතැබ්බයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට ගෙන ඒමට මෙන්ම බලය පවත්වාගෙන යාම වෙනුවන් මතය නිර්මාණය කිරීමට ප්‍රබල දායකත්වයක් ලබාදුන් අයෙකු වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙම අදහස් දක්වා තිබුණේ සිය youtube චැනලයට වීඩියෝවක් එක්කරමිනි.

විඩියෝව නැරඹිමට

සුනිල් හඳුන්නෙත්ති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ උපාධිය ලැබුව ද ලෝක ආර්ථික සමුළුව වැනි ජාත්‍යන්තර සමුළුවක අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ මට්ටමේ තරම් පරිණත අයකු නොවන බව ද මහාචාර්යවරයා එහිදී අවධාරණය කර ඇත.

ඒ සම්බන්ධව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රට තුළ බලය තහවුරු කර ගැනීමට මිස මෙවැනි දේ කෙරෙහි ආණ්ඩුවේ අවධානය ප්‍රමාණවත් නොවන බවත් හඳුන්නෙත්ති වෙනුවට මේ අවස්ථාවට ලක්මාලී හේමචන්ද්‍ර යොමු කළේ නම් හොඳ බවත් ය.

නැත්නම් පරිවර්තකයෙකුගේ සහයෙන් හඳුන්නෙත්ති ඇමතිට සභාව ඇමතිය හැකිව තිබූ බව ද ඔහු පවසයි.

Previous articleඇමති සුනිල් සෙනෙවි : ඒ වැඩේ නම් කැතයි – අසංස්කෘතිකයි – ග්‍රාම්‍යයි !
Next articleසජබ මන්ත‍්‍රීවරුන් සජබ සංවිධායක නිවසේ රඳවාගෙන : මාලිමා සංවිධායකට සෑහෙන්න රිදෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here