ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු ප්‍රමුඛ මහජන නියෝජිතයින් පිරිසක් පසුගියදා හල්දුම්මුල්ල ප්‍රදේශයේදී මේසන් හැන්ද, මනිස් ලෑල්ල, අතට ගෙන මේසන් වැඩවල නිරතව සිටින දුර්ලභ අවස්ථාවක් දක්නට ලැබිණි.
ඒ පසුගියදා හල්දුම්මුල්ල කබරගල ප්‍රදේශයේ නාය යැමෙන් විපතට පත් වූවන් වෙනුවෙන් නිවාස තැනීමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ වැවිලි, ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ඉදිකිරීම් වැඩ කටයුතුවල නියැලී සිටීමය.
නිවාස ව්‍යාපෘතිය ඉදිකරන ස්ථානයට පැමිණි සමන්ත විද්‍යාරත්න මහතා මේසන් හැන්ද , මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැඳීමේ වැඩකටයුතුවල නිරත වූයේ අනෙකුත් මැති ඇමතිවරුන්ගේ සහයෝගය මධ්‍යයේය.
මෙම වැඩකටයුතු වලට සහයෝගය දැක්වීම සඳහා සමන්ත විද්‍යාරත්න මහතා සමග ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවීන්ද්‍ර බණ්ඩාර, සෙල්ලරාජ, අම්බිගා සැමුවෙල්, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් දක්නට ලැබිණි.
එම ස්ථානයට පැමිණ වැඩ කටයුතු වල නියැලුනේ පිරිසකගේ ප්‍රසාදය මෙන්ම තවත් පිරිසකගේ සිත් තුළින් නැගුන අප්‍රසාදය මධ්‍යයේය. මේසන් හැන්ද සහ මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැඳීමේ වැඩ කටයුතුවල මැති ඇමතිවරු දුටු බොහෝ දෙනෙක් කියා සිටියේ ” අනේ මේ අය මැති ඇමතිකම් වලට ගිහිල්ලත් කිසිම ලොකු කමක් නැතිව මෙවැනි වැඩකටයුතුවල නියැලෙනවා” යන්නය.
තවත් පිරිසක් කියා සිටියේ ” අපි ඡන්දේ දීලා උඹලව පාර්ලිමේන්තුවට පත් කර යැව්වේ මේසන් හැන්දයි, මනිස් ලෑල්ලයි, ලඹ කැටයයි අතටගෙන බිත්ති බඳින්න නොවෙයි. ඊට වැඩි දෙයක් අපි උඹලගෙන් බලාපොරොත්තු වුණා අද මේ රට මුහුණපා සිටින අගාධයෙන් ගොඩගනු ඇතැයි අප විශ්වාසස කළා. නමුත් ඒ කිසිවක් අද සිදුවෙලා නැහැ. උඹලත් අපි වගේ මේසෙන් වැඩට බැහැලා. මෙහෙම ගියොත් රටට බුදු සරණයි. කියාය