Home අද කිලෝ දහස් ගණන් ඇල්ලුවත් – හිටු කියලා අයිස් ගහනවා : පුනරුත්ථාපන මාධ්‍යස්ථානත්...

කිලෝ දහස් ගණන් ඇල්ලුවත් – හිටු කියලා අයිස් ගහනවා : පුනරුත්ථාපන මාධ්‍යස්ථානත් වැඩි කරයි !

82
0

2025 අප්‍රේල් සහ මැයි මාසවලදී හෙරොයින් සහ ‘අයිස්’ යන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,758 ක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකරන ලද වැටළීම් හතරක් මඟින් මෙම විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිව තිබේ.

එම මාස දෙක තුළම මෙම ජාවාරම් මෙහෙයුම් සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය තහවුරු කරයි.

මේ අතර මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව මධ්‍යස්ථාන තුනක් පිහිටුවීමට ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
මාතර, කුරුණෑගල සහ මඩකලපුව යන ප්‍රදේශවල නව මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතය.

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සුජිත් කොතලාවල පවසන්නේ, ‘අයිස්’ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින බවයි.

රට තුළ විෂ සහිත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හඳුනාගැනීම සඳහා දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කරන බවද ඔහු පවසයි.

Previous articleෂෙෆාලි ජරිවාලා යන්නම ගිහින් !
Next articleහඳුන්නෙත්ති එක්ක බැලුවාම කදිරගාමර් කවුද ? බුකිය පුරා හඳුන් සුවඳ පැතිරෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here