Home අද බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 247 කට සීමා වෙයි

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 247 කට සීමා වෙයි

67
0

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(26) දිනයේ බංග්ලාදේශ පිලේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු 8ක් දැවී ලකුණු 220 ක් ලබා සිටි අතර අද උදෑසන බංග්ලාදේශ පිලේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කරමින් සෙසු කඩුළු දෙකද දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

එහිදී, බංග්ලාදේශ පිලේ වැඩිම ලකුණු ලාභියා වූ සද්මන් ඉස්ලාම් ලකුණු 46 ක් ලබා ගත් අතර මුස්ෆිකර් රහීම් (35), ලිටන් දාස් (34). ටයිජුල් ඉස්ලාම් (33) සහ මෙහෙදි හසන් මිරාස් (31) ඉනිමේ සෙසු වැඩිම ලකුණු ලාභීන් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු හා නවක ක්‍රීඩක සොනාල් දිනූෂ කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත් වූ අතර විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක් සහ තරිඳු රත්නායක හා ධනංජයද සිල්වා කඩුළු 1 බැගින් දවාගැනීමට සමත් විය.

Previous articleපොළොන්නරුවේ ලංගම – ප්‍රයිවට් බස් ගැටුම නිසා වර්ජනයකුත් අරඹයි
Next articleලංකාවට ආපු වෝල්කර්, චෙම්මනි නිරීක්ෂණයට යයි ! (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here