Home අද ඉරානයට පහරදීම වැරදියි කියන්න රනිල්ට තියෙන කොන්ද වත්මන් ආණ්ඩුවට නෑ – ආචාර්ය...

ඉරානයට පහරදීම වැරදියි කියන්න රනිල්ට තියෙන කොන්ද වත්මන් ආණ්ඩුවට නෑ – ආචාර්ය දයාන් ජයතිලක

305
0

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය සම්බන්ධව G7 සමුළුවේදී එහි සාමාජික රටවල් ගත් ස්ථාවරය වැරදි බව සෘජුව ප්‍රකාශ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් තිබුණද මේ ආණ්ඩුවට එවැනි හැකියාවක් නොතිබූ බව හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසීය.

ඇමෙරිකාවට ලැදි පුද්ගලයෙකු වන රනිල් වික්‍රමසිංහ සෘජුව තම ස්ථාවරය ප්‍රකාශ කිරීම තමන් අගය කරන බව ප්‍රකාශ කළ දයාන් ජයතිලක මහතා ආණ්ඩුවට එවැනි හැකියාවක් නොතිබීම ගැන කණගාටුවන බව සඳහන් කළේය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය සම්බන්ධව හිරු රූපවාහිනී නාලිකාව සමඟ වැඩසටහනකට එක්වෙමින් මේ බව සඳහන් කළ ජයතිලක මහතා අතීතයේ මහින්ද රාජපක්ෂ, රණසිංහ ප්‍රේමදාස වැනි නායකයන් ඔවුන්ගේ මතය සෘජුව ප්‍රකාශ කරමින් ලංකාව වෙනුවෙන් හඬක් නැගුව ද වර්තමානයේ එවැනි හඬක් නැගීමට නායකයෙක් නොමැති වීම අභාග්‍යයක් බව පෙන්වා දුන්නේය.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය හේතුවෙන් ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ශ්‍රී ලංකාවට ද යම් යම් බලපෑම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකා රජය තම ස්ථාවරය ඍජුව ප්‍රකාශ කරමින් හඬක් නැගිය යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අනිසි බලපෑම් එල්ල වෙමින් තිබෙන අවස්ථාවක නිහඬව බලා සිටීමට වඩා ආණ්ඩුවක් තම හඬ අවදි කළ යුතු වුවත් එසේ නොකර නිහඬව බලා සිටීම කනගාටුදායක බව ඒ මහතා සඳහන් කළේය.

මෙරට පැවති තිස් වසරක යුද්ධයේදී එවකට මෙරට රාජ්‍ය නායකයන් මෙන්ම හමුදා නායකයන්ට අවි ආයුධ ලබා ගැනීම සඳහා රටවල් කීපයක් සමග සාකච්ඡා කළ ද එහිදී ලිබියාව වැනි රටවල් අවි ආයුධ ලබා දීම ප්‍රතික්ෂේප කලත් ඉරානය අපේ ඉල්ලීම් පිළිගනිමින් අඛණ්ඩව ශ්‍රී ලංකාවට ආයුධ සැපයූ බව ඒ මහතා සිහිපත් කළේය.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා මත එදා ඉරානය අවි ආයුධ ලබා දීම නිසා ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවට යාපනය මුදා ගැනීමට හැකි වූ බව දයන් ජයතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

Previous articleමේ මොහොතේ සිට සටන් විරාමය ක්‍රියාත්මකයි!
Next articleව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් සමඟම හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here