විවෘත ඡන්දයක් පැවැත් වූ විට මන්ත්‍රීට ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හිමි නොවන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි. ජනතාව සිය නියෝජිතයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් භාවිත කරන්නේ නම් ප්‍රතිපාදන අනුව පළාත් පාලන ආයතන සභාපතිවරුන් ද රහස් ඡන්දයෙන් තෝරා ගැනීමේ වරදක් නොමැති බවද ඔහු පවසයි.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මේ බව සඳහන් කර සිටියේ පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සම්බන්ධව පැනනැගී ඇති වීවාදාත්මක තත්ත්වය පිළිබඳව මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
විපක්ෂය පළාත් පාලන ආයතන සභාපතිවරුන් තේරීම සඳහා විවෘත ඡන්දයක් ඉල්ලා සිටින්නේ සිය මන්ත්‍රීවරුන් විශ්වාස කළ නොහැකි නිසා බවද ඔහු පැවසීය.
එසේම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුව රහස් ඡන්දයෙන් ජය ගත්ත ද එය ද ඡන්දයක් බවයි. කෙසේවෙතත් ආණ්ඩු පාර්ශ්වය සිදුකරන නිර්වචනය සම්බන්ධව විචාරක මතය වී තිබෙන්නේ වෙනස් අදහසකි.
රටක පුරවැසියන් රහස්‍ය ජන්දය ලබාදී සිය තෝරාගැනීම සිදුකිරීමෙන් පසුව බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ, පක්ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සිය පක්ෂ මතය මිස ඔවුන්ගේම වූ අමුතු ස්වාධීනත්වයක් තිබිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නය ඇසිය යුතු බව විචාරකයෙකු පැවසීය.
ස්වාධීන කණ්ඩයම් පවා ඔවුන්ගේ නම ස්වාධීන වුවත් ජනතාව ජන්දය දෙන්නේ එකී ස්වාධීනත්වය රැකගෙන කටයුතු කිරීමට බවද හෙතෙම පවසයි.
විශේෂයෙන්ම මැතිවරණ වේදිකාවේදී ආණ්ඩුව විවේචනය කළ ස්වාධීන කණ්ඩායම් ජන්දයෙන් පසුව ස්වාධීනත්වය රැකගැනීම පිටුපස සැඟවී රහස් ජන්ද ඉල්ලා සිටිනුයේ සිය දේශපාලන ඩීල් වසංකර ගැනීමට බවත් ඒ හැර සිය ස්වාධීනත්වය ප්‍රදර්ශනය කිරීමට නම් කාටත් පෙර ඔවුන් විවෘත ජන්දය ඉල්ලා සිටිය යුතු බවද අවධාරණය කරයි.
එසේම මැතිවරණයට පෙර ජාතික ජනබලවේගය පක්ෂය විසින් තමන් හැර සියල්ලන් හොරු බව පවසා මැතිවරණයෙන් පසුව ඔවුන්ගේ සහාය ගැනීමට අවශ්‍ය වූ විට මන්ත‍්‍රීවරුන් ගේ ස්වාධීනත්වය, හෘද සාක්ෂිය ගැන කතා කීම, හොරාගේ හෘද සාක්ෂිය වෙනුවන් පෙනීසිටීමක් මිස එහි ඇති පාරදෘශ්‍ය භාවයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.