තමන් දැනුවත් ආකරයට පොලිස් අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කාර්‍යංශයේ අධ්‍යක්ෂ ලෙස ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් පත්කළ ශානි අබේසේකර කිසිඳු දේශපාලන වේදිකාවක දේශපාලන අදහස් ප්‍රකාශ කළ චරිතයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඔහු මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේ දෙරණ 360 වැඩසටහනේදී කලිඳු කරුණරත්න විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී කලිඳු කරුණරත්න විමසා සිටියේ ,
“ජාතික ජනබලවේගය පක්ෂයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය නියෝජනය කරන , පැලවත්ත මූලස්ථානයේ මාධ්‍ය හමු පැවැත්වු , දේශපාලන වේදිකාවේ මාලිමාව දිනවන ලෙස දේශපාලන කතා පැවැත්වු , අතිදක්ෂයෙක් යැයි පිළිගන්නා නිලධාරියෙක් වූ ශානි අබේසේකර ට නැවතත් පොලිස් අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කාර්‍යංශයේ අධ්‍යක්ෂ ලෙස යළි නිල ඇඳුම් ඇඳිම තුළ පොලිසිය නිර්දේශපාලනීකරණය වෙන්නේ කොහොමද ?” කියාය.
ඊට ප්‍රතිචාර දක්වමින් , “තමා දන්නා ආකරයට ශානි අබේසේකර කිසිඳු දේශපාලන වේදිකාවක දේශපාලන අදහස් ප්‍රකාශ කළ චරිතයක් නොවන බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා පැවසීමත් සමඟ මාධ්‍යවේදියා යළිත් විමසා සිටියේ, “පැලවත්ත කාර්‍යාලය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කාර්‍යාලය ද ? නැද්ද ? ” කියාය.
එහිදී පැලවත්ත කාර්‍යාලය තම පක්ෂයේ දේශපාලන කාර්‍යාලය බව අමාත්‍යවරයා පිළිගත්තේය.
ඒ සමඟ මාධ්‍යවේදියා පෙරළා ප්‍රශ්න කර සිටියේ, ” එහි මාධ්‍යහමු පැවැත්වූ විට, දේශපාලන චරිතයක් ද ? නැද්ද ? ” කියාය.
එහිදී දිගින් දිගටම අමාත්‍යවරයා පවසන්නට වූයේ ශානි අබේසේකර දේශපාලන වේදිකාවේ අදහස් දැක්වූ බවක් තමන්ට නිශ්චිතව සඳහන් කරන්නට හැකියාවක් නොමැති බවයි.
කෙසේවෙතත් මාධ්‍යවේදියා නිශ්චිතවම ශානි අබේසේකර දේශපාලන වේදිකාවේ ඩහ මාධ්‍ය හමු පවත්වා මාලිමාව වෙනුවන් පෙනී සිටීම සාක්ෂි සමඟ තහවුරු කිරීමට කටයුතු කළ අතර එහිදී අමාත්‍යවරයා පවසන්නේ ” ඒ නීතිය සහ පොලිසියේ ක්‍රමවේද සම්බන්ධව කතා කරන්න වියහැකියි” යනුවෙනි.
මෙහිදි දිගින් දිගටම අමාත්‍යවරයාව ප්‍රශ්න කෙරෙන විට ඔහු පවසා සිටියේ ශානි අබේසේකර මහතාට විශ්‍රාම ගැනීමෙන් පසුව පවා සිරගත කරමුන් විශාල අසාධාරණයක් සිදුවූ බවයි.
කෙසේවෙතත් මෙහිදි ශානි අබේසේකරට සිදුවූ අසාධාරණය, විශ්‍රාම ලැබීමෙන් පසුව ඔහු සතු දේශපාලනය කිරීමේ අයිතිය පිළිගනිමින් මාධ්‍යවේදියා ප්‍රශ්න යොමු කිරීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ ” කවුරුත් දේශපාලන චරිත” බවයි.
එසේම ශානිට සාධාරණයක් ඉටුකිරීමට මෙකී පත්වීම සිදුකළ බව අවධාරණය කිරීමට ද අමාත්‍යවරයා බරපතල උත්සාහයක් ගත්තේය.
එහිදී ඔහු විවිධ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පත්වීමද නිදර්ශන ලෙස ගෙනහැර දැක්වූ අතර, දේශපාලන වේදිකාවේ සිටි විශ්‍රාම ගොස් සිටි අයෙකු යලි නිල ඇඳුම් සහිත පොලිස් සේවයට එක්කිරීම “දේශපාලන නොව දක්ෂතාවට ” දුන් පත්වීමක් බව තහවුරු කරන්න බලවත් උත්සාහයක් ගත්තේය.
නමුත් කොතරම් දක්ෂ විමර්ශකයකු වුවත්, දේශපාලන වේදිකාවේ සිට නැවත පොලිස් නිල ඇඳුම් ඇඟලා සේවයට ගෙන්වූ කළ තවදුරටත් ස්වාධීන විමර්ශකයකු නොවන බව සහ පොලිසිය නිර්දේශපලනීකරණය නොවීම සම්බන්ධව කෙරුනු ප්‍රශ්න කිරීමට නිශ්චිත පිළිතුරක් දීමට අසමත් විය.