ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා ගිනි අවිය අධිකරණ භූමියට රැගෙන ආ බවට චෝදනා ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පිටව ගොස් ඇති බවට තවමත් තොරතුරු අනාවරණය වී නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක් වෙමින් මේ බව සඳහන්කළ ආනන්ද විජේපාල මහතා මෙම සිද්ධියට අදාලව සැකකරුවන් 12 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින බව අනාවරණය කළේය.
ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ සියලු තොරතුරු මේ වන විට අනෙකුත් සැකකාරිනියන්ගෙන් ලබාගෙන තිබෙන බව ඇමතිවරයා පැවසීය.
“මෙම සිද්ධියට අදාළව සැකකාර 12 දෙනෙකු මේ වෙන විට අත්අඩංගුවට ගෙන සිටිනවා. ඒ ගැන බොහෝ පිරිස් අහන්නේ නැහැ. ඉෂාරා සිව්වන්දි රටෙන් පැනලා ගිය බවට අපට තවම තොරතුරු ආවරණය වී නැහැ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත් විට සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරීනියන් මාර්ගයෙන් දැනටමත් අනාවරණය කරගෙන තිබෙනවා.