තමා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබා නොගත් බව මිස දීමනා නොගත් බව නොවේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි.
තමන් එතෙක් සේවය කළ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ධුරයෙන් නිවාඩු ලබා ගත්තේ වැටුප් සහිතව බවත් අදාළ වැටුප එම අමාත්‍යංශය ඔස්සේ ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී ය.
එහිදී නැගුණු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස තමන් ලැබුවේ පෙට්‍රල් දුරකතන මාසික දීමනාවක් ලැබූ බවත් චෝදනා කරන බොහෝ දෙනාට වැටුප් දීමනා පිළිබඳ අවබෝධයක් නොමැති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ ආනන්ද විජේපාල අමාත්‍යවරයා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සමයේ රුපියල් 1285167 ක මුදලක් ලබාගෙන ඇති බවයි.