සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ කිසිඳු තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවද සඳහන් කර තිබේ.
As Iran has repeatedly made clear: Israel launched war on Iran, not the other way around.
As of now, there is NO "agreement" on any ceasefire or cessation of military operations. However, provided that the Israeli regime stops its illegal aggression against the Iranian people no…
— Seyed Abbas Araghchi (@araghchi) June 24, 2025
කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
The military operations of our powerful Armed Forces to punish Israel for its aggression continued until the very last minute, at 4am.
Together with all Iranians, I thank our brave Armed Forces who remain ready to defend our dear country until their last drop of blood, and who…
— Seyed Abbas Araghchi (@araghchi) June 24, 2025
එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය X ගිණුමේ සටහන් තබා තිබේ.
මේ අතර, සිය x ගිනුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ වී ඇති බවය.
එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය.
එහි මෙසේද සඳහන් කර ඇත.
සැමට සුබ පැතුම්!
ඊශ්‍රායලය සහ ඉරානය අතර සම්පූර්ණ හා පූර්ණ සටන් විරාමයක් (දැන් සිට ආසන්න වශයෙන් පැය 6කින්, ඊශ්‍රායලය සහ ඉරානය ඔවුන්ගේ ක්‍රියාත්මක වන අවසන් මෙහෙයුම් අවසන් කළ පසු!) පැය 12ක් සඳහා ක්‍රියාත්මක කිරීමට පූර්ණ එකඟතාවකට පැමිණ ඇත. ඉන් පසු යුද්ධය නිම වූවක් ලෙස සලකනු ලැබේ! නිල වශයෙන්, ඉරානය සටන් විරාමය ආරම්භ කරනු ඇති අතර, 12 වන පැයේදී ඊශ්‍රායලය සටන් විරාමය ආරම්භ කරනු ඇති අතර, 24 වන පැයේදී, “දින 12 යුද්ධයේ” නිල අවසානය ලෝකය විසින් පිළිගනු ඇත. එක් එක් සටන් විරාමයේදී, අනෙක් පාර්ශ්වය සාමකාමීව හා ගෞරවාන්විතව කටයුතු කරනු ඇත.
සෑම දෙයක්ම අපේක්ෂා කළ පරිදි සිදුවනු ඇතැයි යන උපකල්පනය මත, “දින 12 යුද්ධය” ලෙස හැඳින්විය යුතු දෙය අවසන් කිරීමට ධෛර්යය, ශක්තිය සහ බුද්ධිය දැක්වීම සම්බන්ධයෙන් රටවල් දෙකටම, ඊශ්‍රායලයට සහ ඉරානයට මම සුබ පතමි. මෙය වසර ගණනාවක් පැවතිය හැකිව තිබූ, සමස්ත මැද පෙරදිගම විනාශ කළ හැකිව තිබූ යුද්ධයකි, නමුත් එය සිදු නොවීය, කිසිදා සිදු නොවනු ඇත!
දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට ආශීර්වාද කරයිවා! දෙවියන් වහන්සේ ඉරානයට ආශීර්වාද කරයිවා! දෙවියන් වහන්සේ මැද පෙරදිගට ආශීර්වාද කරයිවා! දෙවියන් වහන්සේ එක්සත් ජනපදයට ආශීර්වාද කරයිවා! සහ දෙවියන් වහන්සේ ලෝකයට ආශීර්වාද කරයිවා