Home අද ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් සමඟම හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙක් අත්අඩංගුවට

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් සමඟම හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙක් අත්අඩංගුවට

51
0

කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මෙන්ම ව්‍යාජ හැදුනුම්පතක් ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම පුද්ගලයා 2014 සහ 2019 යන කාලය තුළ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් කොරියාවට ගොස් සිට ඇති බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

එවකට කැස්බෑව ප්‍රදේශය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් තමන්ට මෙම ව්‍යාජ හඳුනුම්පත සහ ගමන් බලපත්‍රය සකසා දුන් බව පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීමේ දී සැකකරු ප්‍රකාශ කර තිබේ

Previous articleඉරානයට පහරදීම වැරදියි කියන්න රනිල්ට තියෙන කොන්ද වත්මන් ආණ්ඩුවට නෑ – ආචාර්ය දයාන් ජයතිලක
Next articleසෙව්වන්දි ගැන මහජන ආරක්ෂක ලේකම්ගෙන් තොරතුරක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here