අනුර කුමාර දිසානයක කියූ ලෙස ඔහු ජනාධිපති වූ පසුව වැට් බදු අඩුකර ආහාර, සෞඛ්‍ය , අධ්‍යාපන වියදම් අඩුවෙයි කියා විශ්වාස කළත් ඒ කිසිවක් සිදුව නොමැති බව ජනතාව චෝදනා කරයි.
එම තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකු දුෂ්කරතාවට පත්ව ඇති බවද ජනමතය වී තිබේ.
ජනතාව නියෝජනය කරමින් මාධ්‍යට අදහස් දක්වමින් කාන්තාවක පවසා සිටියේ දේශීය නිෂ්පාදන, කිරි, බිත්තර, ළදරු කිරිපිටි , කෘෂිකාර්මික නිෂ්පාදන, ඇතුලු භාණ්ඩ රැසක මිල අඩු කරනවා කියූවද ඒ කිසිවක් සිදුකිරීමට අසමත්ව ඇති බවයි.
මේ හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ කාන්තාව බවද ඇය සඳහන් කළාය.වත්මන් ආණ්ඩුව බලයට පැමිණ මාස 8ක් පමණ වන නමුත්, පොරොන්දු වූ කිසිවක් සිදුනොවී ඇති බවත් ආණ්ඩුව මොනවාදෝ කරන්නට උත්සාහ කළත් ඒ කිසිවක් සාර්ථකවී නොමැති බවත් ඇය පැවසුවාය.
එසේම මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් ආරක්ෂිත තොග රැස්කර ගැනීමේ අවශ්‍යතාවය ද ඇය පෙන්වා දුන්නාය.