ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලයේ සියලු පත්වීම් අවලංගු කර නැවත නිලවරණය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස එල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම සලකා බැලීම සඳහා ලබන 26 වැනිදාට දින නියම කර ඇත.
2025 – 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තෝරාපත්කර ගැනීමේ නිල වරණය පැවැත් වූ ආකාරය අභියෝගයට ලක් කරමින් එහි හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව.නිලවර්ණ කමිටුවේ සාමාජිකන්. ක්‍රීඩා අමාත්‍ය සුනිල්කුමාර ගමගේ. නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න. ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්. විගණකාධිපති වරයා ඇතුළු 31දෙනෙකු මෙම පෙස්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත