හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) වරෙන්තු නිකුත් කළේය.
රුපියල් ලක්ෂ 369 ක ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධව අධිකරණයේ පවරා තිබූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ ගුණවර්ධන මහතා පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කර තිබේ.
2010-2012 වර්ෂ වලට අදාළ ව ආදායම් බදු නොගෙ වීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබිණි