ජාතික ජනබලවේගය පක්ෂය සමඟ මේ මොහොතේ එක්වන පිරිස් සජිත් – නාමල් ඉහළින් ලබා දෙන නියෝගවලට අනුව නොව තම හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමට පෙළඹ ඇති බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි.
එසේ තමන් සමඟ එකතු වන පුද්ගලයන්ට දූෂණ චෝදනා ඇත්නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි.
මාධ්‍යට අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මේ බව සඳහන් කරන අතර ආණ්ඩුවට කිසිඳු දේශපාලන පක්ෂයක් සමඟ ඩීල් නැති බවද පැවසීය.
රට පුරා පළාත් පාලන ආයතනවල විරුද්ධ පක්ෂ සභිකයන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී ඊට සහයෝගය ලබාදීමට එකතු වෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය