Home අද මාස 3ක සිට තොරතුරු කොමිසමේ සභාපති ධූරය හිස් : මාලිමාව ආණ්ඩුවට ගාණක්...

මාස 3ක සිට තොරතුරු කොමිසමේ සභාපති ධූරය හිස් : මාලිමාව ආණ්ඩුවට ගාණක් නෑ !

105
0

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිෂන් සභාවේ සභාපතිවරයා 2025 මාර්තු 4 වන දින ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තවමත් එම තනතුර පුරප්පාඩුව පැවතීමට ඉඩහැර ඇති බව වාර්තා වෙයි.

වෙනත් රජයක් නම් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධව උනන්දු නොවීම පුදුමයට කරුණක් නොවූවත් ජාතික ජනබලවේගය ආණ්ඩුව ඒ ගැන උනන්දුවක් නොදැක්වීම කණගාටුදායක තත්ත්වයක් බව පාර්ශ්වයන් ගණනාවක මතය වී තිබේ.

මේ අතර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ ආයතනික අඛණ්ඩතාවයට බලපාන තීරණාත්මක ගැටළු විසඳීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ එහි අනුබද්ධ සංවිධාන විසින් ද ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇත.

2025 ජුනි 18 වනදා අදාළ ලිපිය යොමුකර ඇති අතර ඊට ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ අනුබද්ධ කණ්ඩායම්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සන්ධානය, මාධ්‍ය වෘත්තීය සමිති සේවක සම්මේලනය සහ දකුණු ආසියානු මාධ්‍ය සන්ධානය මැදිහත්ව තිබේ.

ජනාධිපතිවරයා වෙත යැවුණු ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ 2016 අංක 12 දරන RTI පනත ශ්‍රී ලංකාවේ විනිවිදභාවය සහ වගවීම සාක්ෂාත් කර ගැනීම, පුරවැසියන් බලගැන්වීම සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පෝෂණය කිරීම සඳහා වඩාත් තීරණාත්මක යාන්ත්‍රණයක් ලෙස පවතින බවයි.

එසේම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම ශක්තිමත් කිරීම හුදෙක් පරිපාලනමය අවශ්‍යතාවයක් පමණක් නොවේ; එය ශ්‍රී ලංකාවේ යහපාලනය, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැඹුරු කිරීම සඳහා ඔබේ කැපවීම සාක්ෂාත් කර ගැනීම සඳහා වන මූලික පියවරකි,” එම ලිපියෙන් ජනාධිපතිවරයාට අවධාරණය කර තිබේ.

තවද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ පවතින කාර්‍ය මණ්ඩල අඩුපාඩු ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධවද අදාළ ලිපිය මඟින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර ඇත.

Previous articleදැන් අපිව බලන්නේ නෑ : කුඹුරේ මඩ කා පෙන්වූ නාමල් සිහිකර ගොවීන් මඩ කයි !
Next articleඖෂධ හිඟයට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් සුපිරි විසඳුමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here