බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් කිසිදු දේශපාලන පක්ෂයකට හිමි නොවූ මාතලේ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද (23) සමත් විය.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අද පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 12 ක් ලබා ගනිමින් ජාතික ජන බල වේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා පත්ව ඇත.
උප සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රහසය නියෝජනය කළ එම් මෝගන් මහතා පත්ව තිබේ.
මාතලේ මහ නගරසභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ආරම්භ කරනවාත් සමඟ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක් සභාවෙන් පිටව ගොස් ඇත.
ඔවුන් සභාවෙන් පිටව ගිය ද සභාවේ ඝණ පූර්ණය පැවති නිසා පළාත් පාලන කොමසාරිස් විසින් ඡන්දය පවත්වාතිබේ.
මාතලේ මහ නගර සභාවේ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 10 ක්, සමගිජන බලවේගයට මන්ත්‍රී ධූර 06 ක්, කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ධුර 02 ක්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ, සර්වජන බලය සහ එක්සත් ජාතික පෙරමුණ යන පක්ෂවලට එක් මන්ත්‍රී ධූරය බැගින්ද හිමිව තිබිණි.
මේ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි වූ හම්බන්තොට නගර සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය අද සමත්ව ඇත.
ඒ අනුව හම්බන්තොට නගර සභාවේ ඡන්ද 12 ලබා ගනිමින් එහි නගරාධිපතිවරයා ලෙස සමගිජන බලවේගය නියෝජනය කළ ඩී .ඒ ගාමිණී මහතා තේරී පත්විය.