දේශපාලනඥයන් ඇතුළු ප්‍රබල පුද්ගලයන් රැසක් සිය වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින් රැස්කර මූල්‍ය වත්කම් ඔවුන්ගේ නම් වලින් තැන්පත් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අනාවරණය කරගෙන ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
මේ තත්ත්වය මත රාජ්‍ය සේවකයන් භාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශවලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන්. දරුවන් ඇතුළු සියලු පුද්ගලයන් ගේ වත්කම් පිළිබඳ විස්තර ඇතුළත් කළ යුතු බව එම කොමිසම දැනුම් දී තිබේ.
දූෂණ විරෝධී පනතට අනුව මෙම සියලු තොරතුරු රාජ්‍ය සේවකයන් විසින් ලබාදිය යුතුව ඇති බව ඉහත නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු සියලූම රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 30 වැනි දිනට පෙර සියලු වත්කම් බැරකම් පිළිබඳ විස්තර ආයතන ප්‍රධානියාට භාර දිය යුතුව ඇත