ගුරු – විදුහල්පති වැටුප් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
ලංකා ගුරු සංගමය පවසන්නේ වැටුප් ප්‍රමාද වීම් පිළිබඳව තම සංගමයට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකළ බවයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝස්ජෝශප් ස්ටාලින් පවසන්නේ සෑම මසකම 20 වනදා ගුරු – විදුහල්පති වැටුප් දිනය වුවද, පසුගිය මාසයේ මෙන්ම මෙම මාසයේද විශාල පිරිසකට වැටුප් නොලැබී ඇති බව වාර්තා වී ඇති බවයි.
වැටුප් ප්‍රමාදය හේතුවෙන් අදාළ පිරිස දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
නියමිත දිනට පෙර බැංකු වෙත අරමුදල් මුදා නොහැරීම මෙම ප්‍රමාදයට හේතුව විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.
මාස දෙකක් පුරා වැටුප් ප්‍රමාද වීම බරපතළ ගැටලුවක් බවද ඔහු කියා සිටියේය.
මේ අතර සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසන්නේ ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.