Home අද ඉන්ධන අර්බුදයට මුහුණදීමට මෝදි දැන් තියා සූදානම් : ඒත් ලංකාව මොකද කරන්නේ...

ඉන්ධන අර්බුදයට මුහුණදීමට මෝදි දැන් තියා සූදානම් : ඒත් ලංකාව මොකද කරන්නේ ?

263
0

ඊශ්‍රායල් – ඉරාන ගැටුම දිග්ගැස්සෙන තත්ත්වයක් කරා ගමන් ගන්නා ස්වභාවයක් පෙන්නුම් කරන පසුබිමේ ඉන්දියාව සිය ඉන්ධන තොග රැස්කිරීම ඉහල දමා ඇති නමුත් ශ්‍රීලංකා ආණ්ඩුව ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙන්නුම් නොකරන බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසයි.

ඉරානය හෝමුර්ස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත්, ‍යේමන් හූති හමුදා රතු මුහුදේ ප්‍රහාර දියත් කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහල යාම අනිවාර්යයක් බව පෙන්වාදෙන ඔවුන් ඉන්දියාව එම තත්ත්වය නිවැරදිව පුරෝකථනය කර ජුනි මාසයේදී ම ක්‍රියාත්මකව ඇති බවද පවසයි.

ඒ අනුව ඉන්දියාව විසින් රුසියානු තෙල් මිලදී ගැනීම වැඩි කර ඇති අතර, මේ මොහොතේ ලංකාවද ඉන්ධන තොග රැස්කිරීම සඳහා දූරදර්ශී ප්‍රවේශයක් කඩිනමින් ගතයුතුව ඇති බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

ඒ වෙනුවට අසන්න ලැබෙමින් තිබෙන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කොටස් වෙළෙඳපොළේ පෞද්ගලික අංශයේ කොටස් අත්පත් කරගැනීමට මාන බලමින් සිටීම වැනි ක්‍රියාවන් බව සඳහන් කරන වෙළෙඳපොළ විශ්ලේෂකයන් , ඉන්ධන අර්බුදයක් හෝ ඉන්ධන මිලෙහි දරාගත නොහැකි ඉහල යාමක් සිදුවුවහොත්, එය ඉතාම නරක ආකාරයට ශ්‍රීලංකා ආර්ථිකයට බලපාන බව තේරුම් ගැනීම අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවන බවද පවසයි.

Previous articleහෘද සාක්ෂිය මත මාලිමාවට එන හොරුන්ටත් දඬුවම් දෙනවා – මහින්ද ජයසිංහ එහෙමද වෙන්නේ ?
Next articleදේශපාලනඥයන් සහ ප්‍රබල පුද්ගලයන් රැසකගේ වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here