ඉරානය විසින් කටාර්හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන වන Associated Press, Hindustan Times, Al-Monitor, සහ Fox News ඇතුළු මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානය විසින් කටාර්හි පිහිටි අල් උදෙයිඩ් ගුවන් කඳවුර (Al Udeid Air Base) ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.
කටාර් අගනුවර වන දෝහා නගරයට ඉහළින් පිපිරීම් හඬ ඇසුණු බවත්, අහසේ මිසයිල පෙනුණු බවත් එහි වැසියන් සාක්ෂි ලෙස දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා හි වැඩිදුරටත් දැක්වෙන ආකරයට , කාටර් වෙත එල්ල කෙරුණු ප්‍රහාරයෙන් අනතුරුව , ඉරාන රාජ්‍ය රූපවාහිනිය මාර්ෂල් සංගීතය වාදනය කරමින්, “ඇමරිකාවේ ආක්‍රමණයට ඉරාන සන්නද්ධ හමුදාවල බලගතු සහ සාර්ථක ප්‍රතිචාරයක්” ලෙස අදාළ ප්‍රහාරය සිදුකළ බව නිවේදනය කර තිබේ.
මෙම ප්‍රහාරයට පෙර පූර්වාරක්ෂක පියවරක් ලෙස කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමූවද , එල්ල කෙරුණේ ගුවන් ප්‍රහාර නොව මිසයිල ප්‍රහාරය.
මේ මොහොත වන තුරු මෙකී ප්‍රහාරයෙන් සිදුවූ හානි හෝ මරණ පිළිබඳ නිල තොරතුරක් වාර්තා වී නොමැත.
කෙසේ වෙතත්, අල් උදෙයිඩ් කඳවුරේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් කලින්ම ඉවත් කර ඇති බවට වාර්තා විය.
මේ අතර ඇතැම් විදෙස් මාධ් වාර්තා අනුව කටාර් වලට අමතරව ඉරාකය තුළ පිහිටි එක්සත් ජනපද කඳවුරු ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර එල්ල වී තිබේ.
ඒ අනුව, ඉරාකය තුළ පිහිටි එක්සත් ජනපදයේ අල්-අසාද් ගුවන් කඳවුර (Al Asad Air Base) සහ අර්බිල් ගුවන් කඳවුර (Erbil Air Base) වැනි ස්ථානවලට මිසයිල ප්‍රහාර එල්ල වී ඇත.
කටාර්හි ප්‍රහාරය මෙන්ම, ඉරාකයේ මෙම ප්‍රහාරයන් ද සිදුවී ඇත්තේ මීට දින කිහිපයකට පෙර එක්සත් ජනපදය විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන් බව ඉරානය පවසා තිබේ.
මෙම ප්‍රහාර මිසයිල මගින් එල්ල කර ඇති අතර, කටාර්හි මෙන්ම ඉරාකයේ ද පිපිරීම් හඬ ඇසුණු බවට වාර්තා කර තිබේ.
මේ අතර ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් මෙන්ම යුද විශ්ලේෂකයන් පවසන්නේ, ඉරානයේ මේ ප්‍රවේගය සමඟ මැදපෙරදිග පූර්ණ යුද තත්ත්වයක් ඇති වන බව තහවුරුයි කියාය.