Home අද දැන් අපිව බලන්නේ නෑ : කුඹුරේ මඩ කා පෙන්වූ නාමල් සිහිකර ගොවීන්...

දැන් අපිව බලන්නේ නෑ : කුඹුරේ මඩ කා පෙන්වූ නාමල් සිහිකර ගොවීන් මඩ කයි !

116
0

ආණ්ඩු බලය ලබාගැනීමට පෙර ගොවි ප්‍රශ්න වෙනුවන් පෙනී සිට කුඹුරට පැමිණ මඩ කා පෙන්වූ ගොවි නායක නාමල් කරුණරත්න දැන් තම ප්‍රශ්න සම්බන්ධව සොයා බලන්නේ නැතැයි ගොවීන් චෝදනා කරයි.

පොළොන්නරුව මොරගහකන්ද මහවැලි ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ සිරිකඳුයාය ගම්මානයේ ගොවීන් මෙසේ චෝදනා කර සිටියි.

ඔවුන් පවසන්නේ මෙවර යල කන්නය වෙනුවන් අක්කර ගණනක වී වගාකර දින 28ක කාලයක් ගතවී ඇතත් තවම ගොයමේ නිසි වර්ධනයක් නැති අතර ගොයම කහ පැහැ ගැන්වී ඇති බවයි.

යූරියා මිටි 1 1/2 ක් සහ නිල් කැට පොහොර කිලෝ ග්‍රෑම් 25 ක් යෙදූවද ප්‍රතිඵලයක්වී නොමැති බව පවසන ගොවීන් තමන්ට ලැබුණු රුපියල් 25000 , පොහොර සහ තෙල් වියදමට අවසන් වී ඇති බැවින් මේ වන විට දැඩි අසරණතාවකට පත්ව ඇති බවද පවසයි.

වෙනදා මෙවැනි ප්‍රශ්නයක් ඇතිවූ විට කුඹුරට බැස ගොවියන් කන්නේ මඩද අසමින් කුඹුරට බැස මඩ කා පෙන්වූ නාමල් කරුණරත්න දැන් තමන්ගේ ප්‍රශ්න සම්බන්ධව සොයා නොබලන බවටද ගොවීහු චෝදනා නගති

Previous articleශම්මි ඇතුළු නිලධාරී මණ්ඩලයේ සියලු පත්වීම් අවලංගු වෙයි ද ?
Next articleමාස 3ක සිට තොරතුරු කොමිසමේ සභාපති ධූරය හිස් : මාලිමාව ආණ්ඩුවට ගාණක් නෑ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here