රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ රෝහලේ නොමැති අවස්ථාවක එම ඖෂධ රෝගියාගේ ඥාතීන් මගින් ගෙන්වා ගැනීම මහා අපරාධයක් නොවන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි පවසයි.
මාධ්‍යට ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියි.
පවතින නීති අනුව යම් හිඟ ඖෂධයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ රෝහලට ලබා ගැනීමට දින කිහිපයක් ගතවිය හැකි බවත් ඒ කාලය තුළ රෝගියාගේ ජීවිතයට යම් හානියක් වීමේ අවදානමක් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.
එබැවින් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අවස්ථාවල ඔහුගේ ඥාතීන් මගින් ඖෂධ පිටතින් ලබා ගැනීමට බිය යුතු නැති බවත් එසේ කිරීම නිසා වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්නා බවට පැතිර යන කටකතා සත්‍ය නොවන බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.
එසේම ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරිය සම්බන්ධ සිද්ධිය දැනට නීතිය හමුවේ විභාග වන නිසා ඒ ගැන අදහස් ප්‍රකාශ නොකරන බවද ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත් මේ වන විට රෝහල් ආශ්‍රිතව අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් ඇති බව වෛද්‍ය වෘත්තිකයන් ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුලු කාර්‍ය මණ්ඩල පෙන්වාදී සිටියි.