Home අද කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලනඥයන්ට CID ය ඉව අල්ලයි

කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලනඥයන්ට CID ය ඉව අල්ලයි

53
0

කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලනඥයන් කිහිප දෙනෙකු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

මෙතෙක් සිදුකළ පරීක්ෂණවලට අනුව ඇතැම් දේශපාලනඥයන්ට කොළඹ සුපිරි නිවාස කිහිපයක් ඇති බව අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පිට පළාත්වල සිට කොළඹට පැමිණි ඇතැම් දේශපාලනඥයන්ට ද කොළඹ සුපිරි නිවාස තිබෙන බව අනාවරණය වී ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් ආරම්භ කර ඇති විමර්ශනවලින් මේ සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

Previous articleදේශපාලනඥයන් සහ ප්‍රබල පුද්ගලයන් රැසකගේ වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින්
Next articleමාතලේ මහ නගරසභාවේ නගරාධිපති මාලිමාවෙන් උප නගරාධිපති කම්කරු කොංග්‍රසයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here