තම මෝටර් රථය අනතුරකට ලක්වීම හේතුවෙන් ඊශ්‍රායල-ඉරාන ගැටුම පිළිබඳ කල්තැබීමේ විවාදය ආරම්භ කිරීමට නියමිත වේලාවට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.
ඊයේ (18) සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අනතුරින් තමාට හෝ වෙනත් කිසිවෙකුටද තුවාල සිදු නොවූ බවය.
අනතුරින් පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදු වූ බවත්, එම නිසා පාර්ලිමේන්තුවට පැමිණීම මිනිත්තු හතරක් ප්‍රමාද වූ බවත් ඔහු සඳහන් කරයි.
කෙසේවෙතත් ඊයේ පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදය ආරම්භ කිරීමට එම යෝජනාව සිදුකළ අජිත්.පී පෙරේරා මන්ත්‍රීවරයා සභා ගර්භයේ නොමැති බැවින් එය සිදුකළ නොහැකි බව ආණ්ඩු පක්ෂය දැනුම්දී සිටි අතර ඒ සම්බන්ධව ඇමති විජිත හේරත් සහ සභානායක බිමල් රත්නායක අදහස් දක්වා සිටියහ.
එහිදී නිසාම් කාරියප්පර් මන්ත්‍රීවරයා අජිත් පී පෙරේරා මන්ත‍්‍රීවරයා වෙනුවෙන් කරුණු දැක්වීමට යාමේදී ආණ්ඩු පාර්ශ්වයේ මේ විරෝධය දැක්විණ.
එහිදී විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර උනුසුම් කතාබහක් ද ඇතිවූ අතර ඒ මධ්‍යයේ
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි අද (19) දිනයට පාර්ලිමේන්තු සැසිය කල්තැබීමට තීන්දු කළේය.
කෙසේවෙතත් ඉතා වැදගත් විවාදයක් වූ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටීම සම්බන්ධව අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාව මෙන්ම විපක්ෂ නායකවරයාවද දැඩි විවේචනයට ලක්විය