Home අද බස්නාහිර පළාත් නාගරික කොමසාරිස්ට විරුද්ධව සමගි ජන බලවේගය අල්ලස් කොමිසමට

බස්නාහිර පළාත් නාගරික කොමසාරිස්ට විරුද්ධව සමගි ජන බලවේගය අල්ලස් කොමිසමට

70
0

කොළඹ මහනගර සභාවේ නගරාධිපතිි තෝරා ගැනීම සඳහා කටයුතු කළ බස්නාහිර පළාත් නාගරික කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියට විරුද්ධව සමගි ජන බලවේගය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (18) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සමගි ජන බලවේගය වෙනුවෙන් කොමසාරිස්වරියට විරුද්ධව එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ රීසා සාරුක් මහතා විසිනි.

නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසුමේදී නාගරික කොමසාරිස්වරියගේ හැසිරීම හා ක්‍රියා කලාපය පක්ෂක්ග්‍රාහීව සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස රීසා පාරුක් මහතා අල්ලස් හෝ දූෂණ විමසනශන කොමිසම වෙතය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රීසා පාරුක් පහතා කියා සිටියේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීමේ ක්‍රියාවලිය පක්ෂයක් ග්‍රාහීව සිදු කළා බවයි.

පෙර සූදානමකින් නගරසභාව වෙත පැමිණි කොමසාරිස්වරිය මාර්ග උපදේශය නොතකා රහස් ඡන්දයක් ඉල්ලා සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව  ඒ මහතා පවසයි

Previous articleකොළඹ නගරසභාවේ මන්ත්‍රීවරියට එල්ලවූ මාලිමා මැර ප්‍රහාරය : දෙපාර්ශ්වයේම 4ක් ඇප පිට නිදහස් !
Next articleසජිතුත් රනිල් වගේමයි : චමින්ද ආයෙත් ගේම ඉල්ලයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here