Home අද සජිතුත් රනිල් වගේමයි : චමින්ද ආයෙත් ගේම ඉල්ලයි !

සජිතුත් රනිල් වගේමයි : චමින්ද ආයෙත් ගේම ඉල්ලයි !

295
0

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද බලය සහ නායකත්වය අතහැරීමට කැමත්තක් නොදක්වන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

සිය පක්ෂ වල නායකයන්වය දැරීමට අයිතියක් ඇත්තේ ඔවුන්ට පමණක්දැයි ද මන්ත‍්‍රීවරයා ප්‍රශ්නකර සිටියේය.

චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ youtube නාලිකාවක් සමඟ පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදීය.

සමගි ජනබලවේගය පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට වගකීම් බෙදාදීම මෙන්ම පක්ෂයේ ඉහළ මට්ටමේ අභ්‍යන්තරික වෙනසක් කඩිනමින් සිදුකළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය එහිදී අවධාරණය කර සිටියේය.

ඉතා වැදගත්ප්‍රකාශයක් තමන් සිදු කර යුතුව ඇතිමුත් මේ ඊට වෙලාව හා අවස්ථාව නොවන බවද ඉදිරියේදී එය ප්‍රකාශ කිරීමට තමන් කිසිසේත් නොපැකිළෙන බවද ඔහු සඳහන් කළේය

Previous articleබස්නාහිර පළාත් නාගරික කොමසාරිස්ට විරුද්ධව සමගි ජන බලවේගය අල්ලස් කොමිසමට
Next articleඅභියාචනාධිකරණයේ නව සභාපති සහ තවත් විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here