කිසි විටෙකත් යටත් නොවන බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙනි එරට මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය බරපතල වැරැද්දක් කර ඇති අතර එහි ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇති බව ඔහු විසින් සඳහන් කර තිබේ.
ඉරාන ජාතිය යටත් කර ගත නොහැකි බව ඇමරිකානුවන් දැනගත යුතු අතර, ඔවුන්ගේ පැත්තෙන් සිදුවන ඕනෑම මිලිටරි මැදිහත්වීමක් නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇති බව ද අයතුල්ලා කමෙනි ප්‍රකාශ කර ඇති අතර ඉරාන ජාතිකයන් දිවි පිදූවන්ගේ රුධිරය සහ ඔවුන්ගේ භූමියට එල්ල වූ ප්‍රහාරය කිසි විටෙකත් අමතක නොකරන බව ද ප්‍රකාශ කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානය කිසි විටෙකත් සමාව නොදෙන බව ද ඔහු සඳහන් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ