කොළඹ මහ නගරසභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක වූ යූ. සඳමාලි සහ ඇගේ සැමියාට පහරදී සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් වන ශාන්ත කුමාර ජයසූරිය සහ ප්‍රමිත් නිලංග සෙනවිරත්න යන සැකකරුවන් ඇප පිට නිදහස් කර තිබේ.
එසේම මන්ත්‍රීවරියගේ පාර්ශ්වය පහරදුන් බව කියමින් රෝහල් ගතව සිටින ආර්.එස්. රෝහණ ට පහරදුන් බවට අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරියගේ සැමියා වන සුමිත් ප්‍රියශාන්ත සහ අහමඩ් කබීබ් ටද ඇප පිට නිදහස් කර තිබේ.
මෙම සැකකරුවන් 4 දෙනා ඊයේ (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක වෙත ඉදිරිපත් කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කටයුතු කර තිබූ අතර එහිදී එක් සැකකරුවකුට ලක්ෂ 10ක ශරීර ඇප මත නිදහස් කර තිබේ.
එසේම ඔවුන්ට සෑම මසකම අවසන් ඉරිදා දින ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවද අධිකරණය නියෝග කර ඇත.
මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීමෙන් දෙපාර්ශ්වයේ ම දෙදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටින බවයි
එසේම මන්ත්‍රීවරියගේ කාර්‍යාලය අසළදී මෙම ගැටුම සිදුව ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇති අතර කලෙක පටන් ගැටුම් පැවති බවද පවසා ඇත.
එජාප මන්ත්‍රීවරියට යුක්තිය ඉල්ලා විරෝධතාවක් !
කෙසේවෙතත් ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් නාගරික මන්ත්‍රීවරියට සිදුකළ පහරදීම හෙළාදකිමින් ඊයේ (18) කොළඹ මහ නගරසභාව ඉදිරිපිට විරෝධතාවක් ද සංවිධානය කර තිබිණ.
ඒ යළි මෙවැනි සිදුවීම් සිදුවීම වැළැක්වීමට සහ කාන්තා හිංසනයට එරෙහිව , දේශපාලනය කිරීමේ අයිතියට අත නොතබන ලෙසද එහිදී ආණ්ඩුවට බලකරනු ලැබිණ.