Home අද අභියාචනාධිකරණයේ නව සභාපති සහ තවත් විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති !

අභියාචනාධිකරණයේ නව සභාපති සහ තවත් විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති !

64
0

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන මහත්වරු නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ජනාධිපති මාධ්‍ය අංශය

Previous articleසජිතුත් රනිල් වගේමයි : චමින්ද ආයෙත් ගේම ඉල්ලයි !
Next articleඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට ඕනෑම මොහොතක සූදානම් – විදේශ ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here