Home අද ඉතා අවාසනාවන්ත තත්ත්වයක් : තමන් මිය යන්නේ ඖෂධ හිඟය නිසා බව රෝගීන්...

ඉතා අවාසනාවන්ත තත්ත්වයක් : තමන් මිය යන්නේ ඖෂධ හිඟය නිසා බව රෝගීන් දන්නේ නෑ – වෛද්‍ය චමල් සංජීව

464
0

ඖෂධ හිඟය කඩිනමින් පියවීමට අසමත්වීම තුළ රෝගීන් මියගියත් එය වාර්තා වන්නේ රෝගය උත්සන්න වීම හේතුවෙන් සිදුවන මරණයක් ලෙස බවත් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

කිසිඳු මරණ සහතිකයක ඖෂධ හිඟවීම හෝ බාල ඖෂධයක් ලබාදීම නිසා සිදුවූ මරණයක් යනුවෙන් සඳහනක් සිදු නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි .

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා , සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගේ සිට ඉහල නිලධාරීන් රැසක් “කූරු ගනින්න බෑ” කියමින් ස්වාධීන ලෙස ක්‍රියාත්මකවී තීන්දු තීරණ නොගන්නා පසුබිමක් නිර්මාණය වී ඇති බවත් සෑම කටයුත්තක් සඳහාම දේශපාලන අධිකාරියෙන් තීරණ දැනුම්දෙන තෙක් බලාසිටින තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

එබැවින් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය අකර්මණ්‍ය වී කිසිවෙකු කිසිඳු තීරණයක් නොගන්නා තැනට පත්ව ඇති බවත් ඖෂධ හිඟය සම්බන්ධව පවා අමාත්‍යවරයාද පසුගිය ආණ්ඩුව නිසා ඖෂධ හිඟය ඇති බව පවසමින් වගකීමෙන් සහ වගවීමෙන් නිදහස් වීමට කරුණු ඉදිරිපත් කරමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

Previous articleඇමති බිමල් ට්‍රැෆික් පොලිසිය ඉල්ලයි ?
Next articleජාතික වැදගත්කමකින් යුතු විවාදයක් විපක්ෂයේ නොසැලකිල්ලෙන් කල් යයි.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here