ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානයක මේ බව සඳහන් කර සිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ධුරයෙන් විශ්‍රාමයාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවති උත්සවයට එක්වෙමිනි.
එහිදී අර්බුදය හමුවේ නොසැලෙන ධෛර්යයෙන් යුතුව ඊට මුහුණදීම ඇතුලු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ගේ චරිතාංග රැසක් ජනාධිපතිවරයා වර්ණනාකර සිටියේය.
කෙසේවෙතත් ජනාධිපති අනුර කුමාර දිසානයක විපක්ෂයේ සිටියදී එවකට ද මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන වෙත හිරේ යාමට සූදානම් වන ලෙස දන්වා සිටියේය.
ඒ එවකට පැවති ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව දැනුම්දීම නිසාය. එහිදී විපක්ෂය නියෝජිතය කළ ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් වූ චතුරංග අබේසිංහ ද මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකුවේ අධිපති වූ නන්දලාල් වීරසිංහ හඳුන්වනු ලැබුවේ බටහිර මූල්‍ය බලවතුන්ගේ මෙරට ඒජන්තයන් වශයෙනි.
https://www.facebook.com/watch/?mibextid=wwXIfr&v=1089411603045988&rdid=2Yywo0ff8rwkK2QD