Home අද ජාතික වැදගත්කමකින් යුතු විවාදයක් විපක්ෂයේ නොසැලකිල්ලෙන් කල් යයි.!

ජාතික වැදගත්කමකින් යුතු විවාදයක් විපක්ෂයේ නොසැලකිල්ලෙන් කල් යයි.!

77
0

ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වනවිට හටගෙන ඇති යුදමය තත්ත්වය පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (18) පස්වරුවේ සභා ගර්භයේ නොසිටීම නිසා පාර්ලිමේන්තුව හෙට (19) පෙ.ව. 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි කටයුතු කළේය.

ඒ අනුව මෙරටට සෑම අංශයකින්ම තීරණාත්මක විවාදයක් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ දුර්වලතාව හේතුවෙන් අහිමිව ගිය බව විචාරක මතය වී තිබේ. ඊශ්‍රායල් – ඉරාන යුද්ධය සම්බන්ධව අදහස් දැක්වීමට ඉඩනොදුන් බව කියමින් ඊයේ (17) පාර්ලිමේන්තුවේදී කතානායක සමඟ ගාලගෝට්ටියක් ඇති කරගත් විපක්ෂය මෙතරම් අපරිණත ලෙස ක්‍රියාකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවද විචාරකයන් පවසයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට, අද උදෑසන පාර්ලිමේන්තුවේදී ඊශ්‍රායල් – ඉරාන යුද්ධය කල්තැබීමේ විවාදය අවස්ථාවට ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම එම පාර්ශ්වය ඉල්ලා තිබිණ.

පසුව ආණ්ඩු පාර්ශ්වයද ඊට එකඟවූ අතර අද දිනයට තිබූ කල් තැබීමේ විවාදය පසුවට තබා එකී යෝජනාව අද පස්වරු 3.30 ට කල් තැබීමේ විවාදය ලෙස ගැනීමට තිබිණ.

නමුත් ඒ අවස්ථාව මඟහැරී ගියේ යෝජනාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීමයි. ඒ අනුව ආණ්ඩු පක්ෂය වෙනුවන් අමාත්‍ය විජිත හේරත් පවසා සිටියේ යෝජනාව ඉදිරිපත් කළ මන්ත‍්‍රීවරයා සභාවේ නොසිටින බැවින් අදාළ විවාදය සිදුකළ නොහැකි බවයි. සභානායක අමාත්‍ය බිමල් රත්නායක ද ඒ බව අනුමත කළේය.

මේ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක පාප්ර්ලිමේන්තුව කල් තැබීමත් සමඟ විපක්ෂයේ සජබ මන්ත‍්‍රීවරුන් යළි එම තීන්දුවටද විරෝධය දක්වීය.

Previous articleඉතා අවාසනාවන්ත තත්ත්වයක් : තමන් මිය යන්නේ ඖෂධ හිඟය නිසා බව රෝගීන් දන්නේ නෑ – වෛද්‍ය චමල් සංජීව
Next articleහිරේ දාන්න ඕන කියපු කටින්ම මහින්ද සිරිවර්ධනට අනුර සුපිරි චරිත සහතිකයක් දෙයි.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here