කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ.
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා දැනට දරණ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිත්වයට අමතරව මෙම නව පත්වීම ජනාධිපති අනුර කුමාර දිසානයක විසින් ලබාදී තිබේ.
ඒ අනුව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පසුගිය 11 වෙනිදා එම තනතුරේ වැඩ භාරගෙන ඇති අතර එදින ඔහු මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති කාර්යාලය ද විවෘත කර ඇත.
කෙසේ වුවත් මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජනබලවේගයෙන් කන්දසාමි ප්‍රභූ මන්ත‍්‍රීවරයා පත්ව සිටින නමුත් ඔහුට අදාළ වගකීම පවරා නැත.