Home අද ටෙහෙරාන් පිහිටි ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය හකුළයි !

ටෙහෙරාන් පිහිටි ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය හකුළයි !

97
0

මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.

නමුත් අදාළ කටයුතු මේ වන විට වෙනත් ස්ථානයක සිට සිදු කරමින් පවතින බවද ඔහු සඳහන් කරයි. මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් බවත් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් සොයාබැලෙන බදත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Previous articleබස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වැනි නිලධාරීන්ව දෝතට ගෙන රකිනවා – වටගල කියයි !
Next articleIMF ඊළඟ වාරිකයේ තීන්දුව ජූලි 01 !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here