Home අද බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වැනි නිලධාරීන්ව දෝතට ගෙන රකිනවා – වටගල කියයි...

බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වැනි නිලධාරීන්ව දෝතට ගෙන රකිනවා – වටගල කියයි !

348
0

කොන්ද කෙළින් තබා ගෙන පනත අනුව සිය රාජකාරීය කළ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට ස්තූතිවන්ත වන බවත්, එම රාජ්‍ය සේවය සිය ආණ්ඩුව රකින බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පැවසීය.

රාජ්‍ය සේවකයන් බියට පත්ව වැඩ නොකරන්නේ යැයි කතාවක් හදාගෙන යන නමුත් මෙලෙස නිර්භයව වැඩ කරන රාජ්‍ය සේවකයන් තමන් දෝතට ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මේ බව සඳහන් කර සිටියේ අද (17) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමිනි.

කොළඹ මහ නගර සභා බලය පිහිටුවීම සඳහා නිවැරදිව කටයුතු කළ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට විපක්ෂ කණ්ඩායම් පහර දීමට පටන් ගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

Previous articleනව පනත් කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් අනුමැතිය!
Next articleටෙහෙරාන් පිහිටි ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය හකුළයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here