Home අද කතානායකට එරෙහිව විපක්ෂය ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමේ තීන්දුවක් !

කතානායකට එරෙහිව විපක්ෂය ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමේ තීන්දුවක් !

73
0

කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා අද (17) පාර්ලිමේන්තුවෙන් පිටව යෑමෙන් පසු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

එහිදී දැඩිව අවධාරණය කෙරුණේ කථානායකවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස කටයුතු කරමින් සිටින බවය.

ඉරාන ඊශ්‍රායල ගැටුමෙන් මෙරටට ඇති බලපෑම සම්බන්ධයෙන් අදහස් පළකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා අවස්ථාවක් ලබානොදෙන බව පවසා ඊට විරෝධය පළකරමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී සභා ගර්භයෙන් පිටව ගියහ.

Previous articleIMF ඊළඟ වාරිකයේ තීන්දුව ජූලි 01 !
Next articleමාලිමා දීගය ගැන තොණ්ඩමන් කරුණු පහදයි : හෙටත් ආර්ථික උපදෙස් රනිල්ගෙන් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here